― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුහුදේ නාන්න ගිය කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මුහුදේ නාන්න ගිය කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

යාපනය, වඩමාරච්චි මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු 6ක දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජීවිතක්ෂයට පත් දරුවා ලන්ඩන් නුවර පදිංචිකරුවකු වන අතර ඔහු දෙමව්පියන් සමග ඥාතියකුගේ අවමංගල්‍යයක් සඳහා සුගියදා මෙරටට පැමිණ ඇති බවයි.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර අවමංගල්‍යයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

දරුවා සිටි ඥාති නිවස මුහුද ආසන්නයේ ම පිහිටා ඇති අතර ඔහු කිසිවෙකුට නොදන්වා දියනෑම සඳහා ඔහු තනිවම මුහුදට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුහුදේ ඇති රළු ස්වභාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බව සඳහන්.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන මරදන්කේණි පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.