― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමනම්පිටියේ පාලමක් මතින් බස් රථයක් පෙරළී දරුණු අනතුරක්

මනම්පිටියේ පාලමක් මතින් බස් රථයක් පෙරළී දරුණු අනතුරක්

මනම්පිටිය – කොතලිය පාලම මතින් බස් රථයක් පෙරළී අද (09) පස්වරුවේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාලකරුවන් මනම්පිටිය සහ පොළොන්නරුව යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, මනම්පිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මනම්පිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙක් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ගය පැවසුවේ.

එමෙන්ම තුවාලකරුවන් 20කට ආසන්න සංඛ්‍යාවක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා.