― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමනම්පිටියේ බස් රථ අනතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

මනම්පිටියේ බස් රථ අනතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ දරුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබුණා. බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැලකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙම බස්රථ අනතුරෙන් අතුරුදන් වූවන් ඇත්දැයි සොයා බසය ඔයට පෙරළුණු ස්ථානයේ කිමිඳුම්කරුවන් විසින් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බව මනම්පිටිය ප්‍රදේශයේ අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනතුරට පත් බස් රථය ඊයේ (09) රාත්‍රියේ ම දොඹකර ආධාරයෙන් ඔයෙන් ගොඩගෙන තිබුණා.