24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන්

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන්

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් (Budget flight) ඊයේ (09) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම ගුවන් ගමන් සේවා අරඹමින් එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරණ ගුවන් යානය ඊයේ (09) රාත්‍රියේ රාත්‍රී 10.10ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර, ගුවන් යානය ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියා.

මේ අනුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කෙරෙන අතර සදුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ. මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන්තොටුපොළ තුළ උත්සවයක් ද ඊයේ (09) සංවිධානය කර තිබුණා.