― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි

බිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි

දේශීය බිත්තර සදහා පාරිභෝගික ඉල්ලුම සියයට දහයකින් වැඩි වී ඇති බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

මස්, මාළු, කරවල මිල විශාල වශයෙන් ඉහළ යාමත් එම මිල ගණන් පාරිභෝගිකයින්ට දරාගත නොහැකිවීමත් හේතුවෙන් මෙසේ බිත්තර ඉල්ලුම වැඩි වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

බිත්තර පාලන මිල ඉවත් කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටින බවත් පාලන මිල ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 40-45 අඩු කිරීමට හැකියාව ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

දිනකට පමණක් බිත්තර ඉල්ලුම ලක්ෂ හතරකින්, පහකින් ඉහළ ගොස් ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.