ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබේ.
ඒ අනුව මෙරට කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 3,000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බවයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් පවසන්නේ.
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල මේ වන විට රුපියල් 151,000 දක්වා ඉහළ ගොස් ඇති අතර
රුපියල් 160,000ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 164,000 කට ආසන්න වී තිබේ.