― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

2023.02.22 වන දින ඔවුන් වෙත මෙම තීරණය දැනුම්දී ඇති අතර මහ බැංකුව පවසන්නේ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත් එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටිනවා.

ඒ අනුව මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින්,