― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහදුනානොගත් මත්ද්‍රව්‍ය ගෙනා සැකකරුවන් දෙදෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

හදුනානොගත් මත්ද්‍රව්‍ය ගෙනා සැකකරුවන් දෙදෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

මෙරටදී පළමුවරට හමුවූ හදුනානොගත් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මොරටුව අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු (24 ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සැකකරුවන් පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග( 6 ) ලබා දි තිබු අතර ඒ අනුව (10) මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ වෙත සැකකරුවන් නැවත ඉදිරිපත්‌ කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සමන්පුර අඟුලාන ප්‍රදේශයේ පදිංචි රෙවෝන් හංස විමලධර්ම දොලමාවත නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකු සහ කර්නල්වත්ත බෙල්ලන්තර දෙහිවල පදිංචි රජවල්ලි අතරගල්ල ගෙදර රසික මදුසංක රණසිංහ නැමැති 30 හැවිරිදි පුද්ගලයන්.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය (6 ) එම වැටලීම සිදුකර ඇති අතර එහිදී හදුනානොගත් 4 එම්එම්සී (4MMC) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 අත්අඩංගුවට ගෙන තිබුණි.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී කුශ් නැමැති මත් ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සහ අනෙක් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙරටදී පළමුවරට හඳුනාගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ විදේශ රටක සිට මෙහෙයවන බවට සැක කරන හෙයින් වැඩිදුර විමර්ශන සිදුකිරිමට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසිය ඉල්ලා සිටි අතර එහිදී කරනු සලකා බලා අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබී තිබූ තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාර එකකය මෙම වැටලීම සිදුකර තිබුණි.විදේශගතව සිටින පුද්ගලයන් මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි ඒ අනුව ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.සිදුකළ වැටලීමට අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ගෙන්වා බෙදාහැරීම සිදු කර ඇත්තේ සෙල්ලම් බඩු වල අසුරා ජවාරමේ නිරත වන බව මුලික විමර්ශන වලදි හෙලිකරගෙන ඇතැයි පොලීසිය අධිකරණයේදී අනාවරණය කළේය.

මහෙස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශන සඳහා 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.