27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි වසරේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්

ඉදිරි වසරේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්

ඉදිරි වසර ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් සිදු කරමින් විසිඑක්වන සියවසට ගැළපෙන ශිෂ්‍යයෙකු බිහිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ තිරසාර හා ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකිරීමට නියමිත බවත් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විෂයමාලා හඳුන්වා දී මානව සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.