― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෛත්‍රී වන්දියෙන් මිලියන 15ක් ගෙවයි

මෛත්‍රී වන්දියෙන් මිලියන 15ක් ගෙවයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට කටයුතු කරන ලෙස ඔහුට නියෝග කර ඇතත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති විශ්‍රාම වැටුපෙන් මාසිකව රුපියල් අනූ හත්දහස් පන්සියයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ආදායම වශයෙන් තමන්ට ලැබෙන බවයි.

ඒ අනුව ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ලබන වසරේ ජුනි 30 වැනිදා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර දෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.