― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුළු පියාගේ වදෙන් බේරෙන්න පැන ආ දරුවෙක් පොලිස් භාරයට

සුළු පියාගේ වදෙන් බේරෙන්න පැන ආ දරුවෙක් පොලිස් භාරයට

තම සුළු පියාගේ පහරදීම් ඉවසා ගත නොහැකිව නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක් තම භාරයට ගත් බව මුන්දලම පොලීසිය පවසනවා.

නාඳුනන පිරිමි දරුවෙක් ප්‍රදේශය තුළ සැරිසරමින් සිටින බවට තාරවිල්ලුව ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකින් අනතුරුවයි මෙම ළමයා හමුවී ඇත්තේ.

තමන් පුත්තලම – තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මවගේ දෙවැනි කසාදයේ සැමියා වන සුළු පියා විසින් නිතර පහරදීම් සිදුකිරීම හේතුවෙන් මෙලෙස නිවසින් හොර රහසේ පැන ආ බව දරුවා පොලිසිය පවසා තිබෙනවා.

දරුවාගේ මෙම ප්‍රකාශයත් සමඟ මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.