― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකළු ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කළු ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළ දෙදෙනෙක් අත්අඩංගුවට

‘අත්‍යාවශ්‍ය සේවා’ යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පැමිණි බවුසර රියදුරෙක් සහ සහායකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග බවුසරයද පොලිස් බාරයට ගෙන ඇති අතර අඟුරුවාතොට මාබුගොඩ උඩු ගම්මන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයේ බවුසරයක් නවතා මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පුද්ගලයන් දෙදෙනකු සූදානම් වන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන බවත් එම ප්‍රදේශයේ විවිධ ආයතනවල මළ අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීම සඳහා රැගෙන ආ බවට ප්‍රකාශ කර තිබේ.

පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණවලදී එම ආයතනය ලියාපදිංචි කළ නොකළ එකක් බවටද අනාවරණ වූ බව පොලිසිය පැවසීය. සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.