25.6 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරත්‍රන් ජෙල් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරිකයන් 5ක් අල්ලයි

රත්‍රන් ජෙල් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරිකයන් 5ක් අල්ලයි

රත්‍රන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට සූදානම්වූ ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් 16 කෝටි 40 ලක්ෂයකට ආසන්න බව සඳහන්.

සැකකරුවන් විසින් රැගෙනආ ගමන් මලු තුළ කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 650ක් බරැති මෙම රත්‍රන් ජෙල් කරල් 23ක් සහ රත්‍රන් කුඩු අඩංගු පැකට් 10ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුන් මීගමුව ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්.