― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

25 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ආරම්භක දිනයේදීම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත්වුණා.

මීටර් 1500 කාන්තා ඉසව්වේදී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීශා ලේකම්ගේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

බැංකොක් හි පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 4යි තත්පර 14.39කින් තරගය නිම කරමින්.

නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ මීටර් 60.93ක දුරක් වාර්තා කරමින්.

මෙය නව ජාතික වාර්තාවක් ද වනවා.

එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමත් වුණා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද බැංකොක් නුවරදී ආරම්භ වූ අතර එය ලබන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වී සිටිනවා.