― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආනයනය කළ එළුවන් 100න් 38ක් මියගිහින්

ආනයනය කළ එළුවන් 100න් 38ක් මියගිහින්

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ සිටින ආනයනික එළුවන් 100 අතුරින් නිරෝධායනය කළ කාලසීමාව තුළ 11 ක් ඇතුළුව එළුවන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නිර්දේශ කර තිබේ.

එසේම එළුවන් ආනයනය සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය 2017 වර්ෂයේදී ලැබී තිබියදීත් මෙම එළුවන් 2019 වර්ෂයේ ආනයනය කර ඇති බවත්, ඒ හේතුවෙන් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් 2,311,760ක අමතර ගෙවීම් ලබාදීමට සිදුවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී – “එළු අභිජනන මධ්‍යස්ථාන ඉඹුල්දණ්ඩයි තෙලහැරයි පවත්වාගෙන යනවා. ඉඹුල්දණ්ඩ හිටපු එළුවන් තෙලහැරට මාරු කරලා මේකට අලුතින්ම ගේනවා ඔස්ට්‍රේලියාවෙන් මිලියන 34ක් වියදම් කරලා එළුවන් 100ක්. ගැහැණු සතුන් 90යි, පිරිමි සතුන් 10යි. මේ එළුවන් 100 දෙනාගෙන් 38 දෙනෙකු මියගිහින් තියෙනවා. මේ හරහා බිහිකරපු පැටව් 315න් පැටව් 54ක් මැරිලා තියෙනවා. සමස්ත දත්ත ගත්තම තෙලහැර 611ක් ඉඳලා තියෙනවා. ඒකෙන් 377ක් මිය ගිහින්. මේ මියයෑම 50ට වඩා වැඩියි. මේකට හේතුව මොකක්ද? ආනයනය කරපු සතුන්ගෙන් 11දෙනෙකු නිරෝධායනය කරන අතරතුර මැරිලා තියෙනවා. හරියට පරික්ෂාවට ලක් කරලා නෙවෙයිද මේ සතුන් ගේන්නේ?”

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පශු අණපනත්) රංගනී මුණසිංහ – “අපි සතුන් රටට ගන්නේ ගේන රටේ පශු වෛද්‍ය නිලධාරිවරයාගේ සෞඛ්‍ය සහතිකයක් මත තමයි රට තුළට ගන්නේ. ප්‍රමාද වුණේ අපි දාපු නිර්ණායකවලට ඔවුන් එකඟ වුණේ නැති නිසා.”