28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙරම්ගේ ශාලාව හදන්න මුදල් දුන් අයගේ ලේඛනයක් CIDයට

ජෙරම්ගේ ශාලාව හදන්න මුදල් දුන් අයගේ ලේඛනයක් CIDයට

ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දුගේ ‘මිරැකල් ඩෝම්’ ශාලාව ඉදි කිරීමට ආධාර සැපයූ පුද්ගලයන් 18,000 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ එම පුද්ගලයින් කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දී ඇද්ද යන්න පිළිබඳව එහි තොරතුරු අන්තර්ගත බවයි.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමාට ලැබෙන වාහන බලපත්‍ර පවා විකුණා ඒ මුදල් ද මෙම ශාලාව ඉදි කිරීමට ලබා දී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

රජයේ සේවයේ නියුතු ඉහළ නිලධාරීන් පවා මේ සඳහා අරමුදල් පරිත්‍යාග කර ඇති අතර ඔවුන්ගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ.