30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන්ගේ ගුටිබැට හුවමාරුවට මැදි වූ පියෙක් අත්අඩංගුවට

සිසුන්ගේ ගුටිබැට හුවමාරුවට මැදි වූ පියෙක් අත්අඩංගුවට

කොළඹ ප්‍රධානතම පාසලක සිසුන් තිදෙනකුට පහර දුන් බව කියන එම පාසලේම සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

අදාල පාසලේ සිසුන් පිරිසක් රැහුණු විශ්ව විද්‍යාලයේ පැවැති රොබොටික් තරගාවලිකට සහභාගී වී ඇති බවත් එහිදී සිදු වූ කිසියම් අඩුපාඩුවක් සිසුන් පිරිස අතර බහින්බස් වීමක් දුර දිග ගොස් බස් රථය තුළද බහින්බස් වීම් සිදුව ඇත.

පසුව සිසුන්ගෙන් සිවු දෙනකු කොට්ටාව පිටවීමේ දොරටුව අසලින් බස් රථයෙන් බැස ඇති අතර  එම අවස්ථාවේදී සිසුන් තිදෙනකු එක් සිසුවකුට පහර දී ඇත.

ඉන්පසු පහරකෑමට ලක් වූ සිසුවා ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී සිදු වූ දේ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පියා අනෙක් සිසුන් තිදෙනාට පහර දී ඇත.

පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනකු රෝහල් ගත වී ඇති බව පොලිසිය පවසනවා.

පැමිණිල්ලට අනුව පහර දුන් බව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි සැකකරැ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත