28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදරුවෙක්ට හදි කරන්න හැදූ අයෙක් සොයා විමර්ශන

දරුවෙක්ට හදි කරන්න හැදූ අයෙක් සොයා විමර්ශන

වයස අවුරුදු 13ක වන බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි. ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් තම පියා සමඟ කුඹුරට ගොස් නැවත තනිව පැමිණෙමින් සිටිය දී අතර මඟ දී සැකකාර පුද්ගලයා විසින් දරුවාව රතඹලාඔය ආසන්නයේ ඇති කැලෑවකට ඇදගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

එහිදී දරුවා සැකකරුගෙන් පලාගොස් සිද්ධිය පිළිබඳව තම පියාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව දරුවාට සිදු වූ සිද්ධිය පිළිබඳව පල්ලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.