― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපානදුර රෝහලේදී තවත් රෝගියෙක් ජීවිතක්ෂයට

පානදුර රෝහලේදී තවත් රෝගියෙක් ජීවිතක්ෂයට

පානදුර මූලික රෝහලේදී කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු ඊයේ (13) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගත වී ඇති බවයි වාර්තා වන්නි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ ගත්තද එහිදී ඔහු කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයකින් මරණයට පත් වන්නට ඇති බවයි වෛද්‍යවරුන් සැක පළ කරන්නේ.