රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව හිමිවනවා.
මේ අතර අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට කිසිම බාධාවක් ඇති නොවන බවද දැනුම් දෙනවා.