31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවට

සුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවට

ඉන්දීය දමිළ සිනමාවේ දැවැන්තයෙකු වන රජිනි කාන්ත් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද දහවල් ඔහු මෙලෙස කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට ගමන් කරන අතරවාරයේ පැය කිහිපයක් සඳහා ඔහු කටුනායක ගුවන්තොටුපලෙහි නතරවී සිට තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 122 දරන ගුවන් යානයෙන් අද දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ ඔහු ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ද ලක් කර තිබුණා.