32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News"අස්වැසුමට" අලුතින් පවුල් ලක්ෂ 11ක් - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

“අස්වැසුමට” අලුතින් පවුල් ලක්ෂ 11ක් – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

සමෘද්ධීලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළතව ඇති අතර, 1,680,000 වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් ලක්ෂ 20 කට සහන සැලසෙනු ඇත. මීට අමතරව ආබාධිත, වකගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයකට ලැබීමට නියමිතය

සමෘද්ධිලාභී පවුල් අතරින් 1,280,747 ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක්, පවුල් 887,653ක් සුදුසුකම් ලබා සිටියි. ඒ අනුව අළුතින් පවුල් ලක්ෂ 11 ක් “අස්වැසුම” වැඩසටහන තුළ සහනාධාර ලැබීමට සුදුස්සන් ලෙස හදුනාගෙන ඇත. මෙතෙක් සහනාධාරලාභින්ගෙන් නුසුදුස්සන්ගේ නම් පමණක් ඉවත්ව ඇත. කෙසේ වෙතත් සුදුසු පවුලක් අසාධාරණයට පත්ව ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරණු ඇත.

මෙතෙක් අභියාචනා 990,000ක් සහ විරෝධතා 70,000ක් ලැබී ඇත. ලැයිස්තුවේ නම් ඇතුළත් කණ්ඩායම වෙත ජූලි මාසය තුළ සිය අස්වැසුම ප්‍රතිලාභය හිමි වනු ඇති අතර අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් කිසියම් පවුල් ඒකකයකට ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට ජූලි සහ අගෝස්තු යන වාරික දෙක ම එකවර ලබා දීමට කටයුතු කරනු ඇත.