26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිනොපෙක් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු අද සිට

සිනොපෙක් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු අද සිට

චීනයේ සිනොපෙක් සමාගම අද (15) දිනයේ සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරනවා.

ඒ අනුව මෙම සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර මීට පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිවීම සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) දිනයේ දී සිදුකෙරුණා.