31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදකුණු කොරියාවේ ජල ගැලීම්වලින් 20 දෙනෙක් ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ ජල ගැලීම්වලින් 20 දෙනෙක් ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර දහස් ගණනක ජනතාවකට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

අඛණ්ඩව තුන්වන දිනටත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ රට පුරා නායයෑම්, විදුලිය විසන්ධිවීම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෙනසුරාදා අලුයම, Chungcheong පළාතේ දැවැන්ත ජලාශයක් ද පිටාර ගලමින් ඇති බව සඳහන්.

පිටාර ගැලීම ආරම්භයෙන් පසු පදිංචිකරුවන් 6,400ක් පමණ ඉවත් කර ඇති අතර වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම ඒවා සම්බන්ධ කරන මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බව ද පැවසෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වන ලෙසටයි දකුණු කොරියා අගමැති හැන් ඩක්-සූ හමුදාවෙන් ඉල්ලා ඇත්තේ.

මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව සිටින අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන දකුණු කොරියා පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

විවිධ පළාත් ආයතන විසින් නිකුත් කරන ලද අවදානම් නියෝග හේතුවෙන් දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වනවා.

රටේ ජාතික දුම්රිය සේවය වන කෝරයිල් විසින් සියලුම මන්දගාමී දුම්රිය සහ ඇතැම් බුලට් දුම්රිය අත්හිටුවන බව නිවේදනය කර ඇති අතර අනෙකුත් බුලට් දුම්රිය සේවා ද අඩාල වන බවටයි වාර්තා වන්නේ.

සිකුරාදා නායයාමකින් පස් සහ වැලි දුම්රිය මාර්ගයට වැටීම හමුවේ උතුරු Chungcheong හිදී දුම්රියක් ද පීලි පැනීමට ලක්ව තිබුණා.

සිද්ධියෙන් එක් ඉංජිනේරුවෙකු තුවාල ලබා ඇති අතර එම අවස්ථාවේ දුම්රියේ මගීන් ප්‍රවාහනය කර තිබුණේ නැහැ.