― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුරෝපයට අධික උෂ්ණත්වයක් - ඉතාලියේ නගර 15කට රතු නිවේදන

යුරෝපයට අධික උෂ්ණත්වයක් – ඉතාලියේ නගර 15කට රතු නිවේදන

දකුණු දිග යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතාලිය පුරා නගර 15කට රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය මෙම ආන්තික තත්ත්වයන් දැකිය හැකි බවයි.

යුරෝපයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය 2021 අගෝස්තු මාසයේ දී සිසිලියෙන් වාර්තා වූ අතර, එය දැක්වුණේ සෙල්සියස් අංශක 48.8ක් ලෙසටයි.

මෙම සතියේ ද එවැනිම මට්ටම් කරා යුරෝපයේ උෂ්ණත්වය ළඟා විය හැකි බවයි අනාවැකි පළකරන්නේ.

මේ අතර ඉතාලි රජය අද රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශවල පුද්ගලයින්ට දැනුම් දුන්නේ පෙරවරු 11:00 සහ පස්වරු 6.00 අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙසටයි.

මේ පිළිබඳව වැඩිහිටියන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබෙනවා.