― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයියා ඇටවූ විදුලි උගුලකට හසුවී මල්ලී ජීවිතක්ෂයට

අයියා ඇටවූ විදුලි උගුලකට හසුවී මල්ලී ජීවිතක්ෂයට

වැඩිමල් සොහොයුරා විසින් අටවන ලද විදුලි උගුලකට හසුවි බාල සොහොයුරා මිය ගොස් තිබෙන බව නිවිතිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි නිවිතිගල ප්‍රදේශයේ පදිංචි නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකි.

පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොයුරා එක්ව සතුන් මැරීම සඳහා විදුලි උගුල් අටවන බවය.

මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවිතිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.