28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

මේ සඳහා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව ඇති අතර මෙම විශේෂ මෙහෙයුම දියත් කර ඇත්තේ ඊයේ (16) අලුයමයි.

මෙම මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවෙකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකුද සිටින අතර සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.