මෙම වසර අවසන් වීමට පෙර තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණයට අවශ්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“අපි බලාපොරොත්තු වෙනවා අලුත් තැපැල් පනත මේ වර්ෂය තුළ ඉදිරිපත් කරලා සම්මත කරගෙන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්න. අද පාඩු ලබන ආයතනවලින් එකක් තමා තැපැල් දෙපාර්තමේන්තුව. පසුගිය වසරේ 31 වනදා වනවිට ආදායම මිලියන 7,000යි. වියදම මිලියන 14,000යි. පාඩුව මිලියන 7000ක පාඩුව පියවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපිට උපදෙස් ලබාදුන්නා. එතකොට පාඩුව මිලියන 4,000 දක්වා අඩුකරන්න මේ වර්ෂය වනවිටත් 2024 දෙසැම්බර් වනවිට ලාභය හා අලාභය සමපාත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”