26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබීමතින් අධිවේගයේ බයික් පැද්ද අයෙක් අත්අඩංගුවට

බීමතින් අධිවේගයේ බයික් පැද්ද අයෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතර – මතුගම මාර්ගයේ පැමිණි සැකකරු දොඩම්ගොඩ පිවිසුම් ස්ථානයෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිපැන්න දෙසට ගමන් කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වූයේ.

සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් පිරිසක් අතර මඟදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩම්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා.