― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරි ගව පාලනය සංවර්ධනයට ප්‍රංශයෙන් මූල්‍යාධාරයක්

කිරි ගව පාලනය සංවර්ධනයට ප්‍රංශයෙන් මූල්‍යාධාරයක්

මෙරට කිරිගව පාලනය සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මූල්‍යාධාර ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France Institut De L’Elevage (French Livestock Institute)  සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය AFD (French Agency for Development) මේ සඳහා ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබේ.

ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති අතර මෙරට කිරි කර්මාන්තයේ ධාරිතාව වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණා සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබේ.

කිරිගව පාලනය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අදාල ආයතන වලට යෝජනා කිහිපයක් ලබා දී ඇති අතර එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මූල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත.