පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වුණා.
බීමත්ව රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් තමන්ට මැල්සිරිපුර පොලීසිය විසින් අනීතික නඩුවක් ගොනුකර ඇති බවයි මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරත වෙමින් සඳහන් කළේ.
අධිකරණයේ වහලය මත නැඟ විරෝධතාවයේ නිරත වූ මෙම තැනැත්තා ඉන් බිමට බසස්වා ගැනීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසියට මහත් පරිශ්රමයක් දැරීමට සිදුව තිබෙනවා.