30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපති රනිල් මහ ජනතාව අමාරුවේ දමා නෑ

ජනපති රනිල් මහ ජනතාව අමාරුවේ දමා නෑ

කෙතරම් දුෂ්කර වුවත් සෑම විටම ජනපති නිවැරදි දේ මහජනතාව වෙනුවෙන් සිදුකරන බවත් පෞද්ගලික, දේශපාලන අභිලාශ වෙනුවෙන් කිසිම විටෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව අමාරුවේ දමා නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාශවල පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

වැටුණු රට ගොඩගෙන නිවැරදි මාර්ගයේ රට ගමන් කරවන විට එය බලා සිටිය නොහැකි අය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල විවේචනය කර කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත් ඒ ගැන රටේ සමස්ථ මහජනතාව හොඳ කල්පනාවෙන් සිටිය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.