― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදෙමහල් නිවසින් මිල කළ නොහැකි දේපල තොගයක් සොරාගත් රාජගිරිය “පිම් පොම් ”...

දෙමහල් නිවසින් මිල කළ නොහැකි දේපල තොගයක් සොරාගත් රාජගිරිය “පිම් පොම් ” අත්අඩංගුවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියකගේ ගල්කිස්ස අත්තිඩිය දෙමහල් නිවසින් මිල කළ නොහැකි මැණික්, දියමන්ති , මුතු සහ කෝටි ගණනාවක රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සොරාගත් “රාජගිරිය පිම් පොම්” නමැත්තා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

එම සැකකරු එලෙස සොරාගෙන තිබූ විවිධ වර්ගයේ රන් භාණ්ඩ ,විවිධ වර්ගයේ මැණික් ගල් , මුතු අල්ලන ලද මාල ,දියමන්ති මාල , පෙන්ඩන් ,වටිනා අත් ඔරලෝසු ,ලැප්ටොප් පරිගණක , ටැබ් ,හා විදේශීය රට වලට අයත් කාසි මෙන්ම ඇමරිකානු ඩොලර් 1100 ක් පොලිස් භාරයට ගෙන ඇත

ඉකුත් ජූනි මස 28 වැනි දින එම නිලධාරිනිය ඇතුළු පවුලේ සාමාජිකයන් නිවසේ නොමැති අවස්ථාවේදී සැකකරු ජනේලයකින් නිවසට ඇතුළු වී අල්මාරි සහ කබඩ්වල දමා තිබූ දේපල සොරා ගෙන තිබිණි

ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරමින් සිටියදී හෙළි වූ තොරතුරු අනුව රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී නිවසින් සොරාගත් බහුතරයක් දේපල බොරැල්ල රාජගිරිය පිටකොටුව ඇති පෙදෙස් වලට උගස් තබා තිබිය දීත් , ටැබ් අන්ත්‍රය සැකකරුගේ බිරිඳට ලබා දී තිබියදීත් , අනෙක් බඩු තොග සැකකරු තාවකාලිකව පදිංචි වී සිටින බොරලැස්ගමුව රත්තනපිටිය කාමරයක ලොවක් තිබියදීත් තිබියදීත් පොලිසිය මගින් සොයාගෙන ඇත

සැකකරු උගස් තබා ලබාගත් සියලු මුදල් වලින් කුඩු පානය කර ඇතැයි ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත

ගෝනපල පදිංචි සිය පියා සමග මීට වසර 7 කට ඉහත දී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පියාගේ හිසට පහරදී බරපතල තුවාල සිදුකර තිබූ සැකකරු එම කාලය තුළදී නිවසට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

වසර 2කට පමණ කාලයක් සිරගතව සිට සිටි සැකකරු ඊට මාසෙකට පමණ පෙර ඇපමත පැමිණ තිබූ බව පොලීසිය කියයි

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය