― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය පුළුල් කිරීමට චීනයේ අවධානය

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය පුළුල් කිරීමට චීනයේ අවධානය

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමුව තිබේ.

චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකා සමුළු නියෝජිතයින් දක්වන ලද අදහස් සැලකිල්ලට ගෙන මෙම අවධානය යොමුව ඇත.

තොරතුරු තාක්ෂණක්ෂේත්‍රයේශ්‍රී ලංකාව ලබා තිබෙන වර්ධනය ගැන ද චීන නියෝජිතයින් සිය ප්‍රසාදය මෙහිදී පළ කර තිබේ.

සිව් දිනක් පුරාපැවති මෙවර සමුළුවේ තේමාව වූයේ “ඩිජිටල්කරණය සංවර්ධනයට මඟපාදයි, බුද්ධිය අනාගතයට මඟ පෙන්වයි” යන්නයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා සහ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න යන මහත්වරු මෙම සමුළුවට සහභාගි විය.

සමුළුව ඇමතූ මහේෂ් පෙරේරා මහතා 2030 වසර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රමෝපායන් සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන තිබෙන පියවර ගැන මෙන් ම එහි ප්‍රගතිය ගැන ද සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය උග්‍රව පැවති පසුගිය සමයේ ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම මඟින්, පීඩාවට පත් වූ ජනතාවට සහනයක් වු බව පෙන්වා දුන් ඒ මහතා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ජනතාව ලැබූ එක් අවස්ථාවක් වශයෙන් එය හැඳින්වීය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුල්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීම සඳහා මෙම සමුළුව උත්තේජනයක් වු අතර මෙරට තොරතුරුතාක්ෂණ කර්මාන්තකරුවන්චීනවෙළෙඳපොළට පිවිසීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

ලෝකයේ නගර කේන්ද්‍ර කර ගනිමින් ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමත්, නව්‍ය ව්‍යාපාර හා නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමත්, 5G තාක්ෂණය වැනි වේගයෙන් සංවර්ධනය වන ඩිජිටල් ක්ෂේත්‍රයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීමත් මඟින් සාධනීය වෙනස්කම් සඳහා මඟ පෑදෙන බව සමුළු නියෝජිතයන් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙරට ඩිජිටල්කරණය වේගවත් කිරීමේ වැඩපිළිවෙළට අදාළව ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ඩිජිටල් ආයෝජන සමුළුවට සහභාගිවන ලෙස කරන ලද ආරාධනයටද චීන සමුළු නියෝජිතයින් මෙහිදී යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.