― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනය රෝහලට ලෙඩ්ඩු බලන්න එන ඥාතීන් මත්පෙති ගෙනත්

යාපනය රෝහලට ලෙඩ්ඩු බලන්න එන ඥාතීන් මත්පෙති ගෙනත්

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් හා එම රෝගීන් බැලීම සදහා පැමිණෙන ඥාතීන් සතුව තිබි මත් පැන් මත් පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සෙයා ගත් බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමුර්ති පවසනවා.

පසුගියදා රෝගීන් හා ඔවුන් බැලීම සදහා පැමිණෙන ඥාතීන්ගේ ගමන් මළු හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇති අතර එහිදී අදාල මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. රෝහල තුළ මත්ද්‍රව්‍ය භාවිතාකරණු ලබන බවට ලද පැමිණිලි අනුව රෝහල් ආරක්ෂක නිළධාරීන් යොදවා මෙම හදිසි පරීක්ෂාව සිදු කොට තිබෙනවා.

මෙහිදී මත්පැන් බෝතල් 03 ක් මත් පෙති හා මත් බුලත් විට තොගයක් සොයාගෙන ඇති අතර එහිදී ඇතැම් රෝගීන් සදහා උපස්ථායකයන් වශයෙන් පැමිණ සිටින පුද්ගලයින් තදින් මතට ඇබ්බැහිවුවන් බවටද හදුනාගත් බව රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.

රෝහල තුළ ඉදිරියේ මෙවන් ක්‍රියා වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සදහා පොලීසිය සමග සාකච්ජා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.