― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසක්විති හා බිරිඳ වරද පිළිගනී

සක්විති හා බිරිඳ වරද පිළිගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් නම් මූල්‍ය ආයතනයක් පිහිටවා අධික පොලී ලබාදෙන බවට තැන්පත්කරවන් පොළඹවා රුපියල් 164,185,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාව එල්ල වී ඇති සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ එකී චෝදනාවට වැරදිකරුවන් බවට කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ අද තීරණය කළා.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා විවෘත අධිකරණයේ හමුවේ දී කියවා පහදා දීමෙන් අනතුරුව ඔවුන් එකී චෝදනා වලට වරද පිළිගැනීම නිසා විනිසුරුවරයා එම නියෝගය ලබා දුන්නා.

අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි. ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2006 වසරේ සහ 2008 වසර අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.