― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසේවකයෙකුගේ පහරකෑමට ලක් වූ සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම්

සේවකයෙකුගේ පහරකෑමට ලක් වූ සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම්

එප්පාවල පොස්පේට් සමාගමේ සේවකයෙකුගේ පහරකෑමට ලක් වූ එහි සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

පහර දුන් සේවකයාට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පහර කෑමට ලක් වූ නිලධාරියා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය 17 වනදා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී එම ආයතනයේ සේවකයෙකු සැපයුම් නිලධාරී එස්.ඒ අබේසිරි මහතාට චෝදනා කරමින් පහරදී තිබුණා.

ඒ ඇඹරුම් යන්ත්‍රයක් සදහා අමතර කොටසක් ගෙන්වීමේ දී අදාළ නොවන වර්ගයේ කොටසක් ගෙන් වූ බවට චෝදනා කරමින්.

එය ගෙන්වා මාස කිහිපයක් ගතවී ඇතත් තවමත් මාරු කර අවශ්‍ය අමතර කොටස ගෙන්වා නැති බවටයි සැපයුම් නිලධාරියාට චෝදනා එල්ල වූයේ.

එහිදී අදාළ ගැටුම සිදු වී තිබුණා.