29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දැරියකට හදි කළ හිමිනම අත්අඩංගුවට

පාසල් දැරියකට හදි කළ හිමිනම අත්අඩංගුවට

වයස අවුරුදු 11 ක් වන බාල වයස්කාර දැරිවියකට ලිංගික අතවර කළ බව කියන හිමි නමක්ව අඹන්පොල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැචවච්චිය, වනමල්ගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අවුරුදු 59 ක් වන හිමිනමක්වය. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අඹන්පොල නගරයේදී බව පොලීසිය සදහන් කරයි.

අතවරයට පත්ව ඇති දැරිවිය ප්‍රදේශයේ පාසලක 07 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටී. එම දැරිවියව වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර හිමිනම මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.