උසස් පෙළ සිසුන් සඳහා වන සියයට අසූව පැමිණීමේ ප්‍රතිශතය වෙනස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී සුවිශේෂී ප්‍රකාශයක් සිදුකරමිනුයි මේ පිළිබඳව සඳහන් කළේ.
ඒ අනුව මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට පැමිණීමේ ප්‍රතිශතය සියයට 40 සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.