ජල හිඟය හේතුවෙන් උඩවලව ජලාශයෙන් කුඹුරු වගා කරන ගොවීන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
ගොවීන් පවසන්නේ ගොවිතැන් සඳහා ජලය ඇත්තේ තවත් දින 12කට පමණක් බවයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර 65,000කට අධික ප්රමාණයක් විනාශ වීමේ අවදානමකට මුහුණ දී තිබේ.
ඊට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි ගොවීන් පවසන්නේ.