සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඊයේ (16) බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට යෙදුණ අතර එහිදී මේ බව ප්‍රකාශ කළේය.
රංජන් රාමනායකට ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ ලබාදී ඇති බවත් ඔහු බන්ධනාගාරය නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
දිවයිනේ සියලුම බන්ධනාගාරවල රැදවියන්ට ඉඩකඩ ඇත්තේ 11762කට වුවත් මේ වන විට රැඳවියන් 18600 ක් පමණ බන්ධනාගාරවල සිටින බවත් 2020 වසරේදී රැඳවියන් 32000 ක් සිටි නමුත් ක්‍රම ක්‍රමයෙන් බන්ධනාගාරගත වන රැදවියන්ගේ සංඛ්‍යාව පහත බැස ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.