27.8 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඟුරුවාතොට මවගේ සහ දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

අඟුරුවාතොට මවගේ සහ දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

අඟුරුවාතොට ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස 11ක් වයසැති දියණියගේ මරණවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අදාළ කාන්තාව සහ දියණිය අතුරුදන් වූ පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් සී.සී.ටී.වී දර්ශනව උපයෝගී කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

දින දෙකක පමණ සිට අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඇය පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (21) සොයාගනු ලැබුවා.