― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුරකතන සම්ප්‍රේෂණ කුළුණුවල විදුලි ජනක යන්ත්‍ර සොරකමක්

දුරකතන සම්ප්‍රේෂණ කුළුණුවල විදුලි ජනක යන්ත්‍ර සොරකමක්

පෞද්ගලික දුරකථන සමාගමකට අයත් සම්ප්‍රේෂණ කුළුණු අසල සවි කර තිබූ විදුලි ජනක යන්ත්‍ර සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්නෑව සකලසූරියගම ප්‍රදේශයේ සම්ප්‍රේෂණ කුළුණක් අසල සවි කර තිබූ රුපියල් ලක්ෂ 9ක් පමණ වටිනා විදුලි ජනක යන්ත්‍රයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය 12 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශණයේදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

අදාළ විමර්ශනයේදී මෙම සොරකමට සම්බන්ධ බවට සැක කෙරෙන අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු ඊයේ අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද විදුලි ජනක යන්ත්‍රයක් ඇලයාපත්තුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් කුරුණෑගල ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අතහැර දැමූ පාළු වී මෝලක් තුළ සගඟවා තිබියදී තවත් විදුලි ජනක යන්ත්‍රයක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු අනුරාධපුර ඥානික්කුලම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකුට සොරකම් කරන ලද විදුලි ජනක යන්ත්‍ර 7ක් අලෙවි කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව සොර බඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නිවසේ තිබූ විදුලි ජනක යන්ත්‍ර 2ක් ද සොයා ගනු ලැබුවා.

එම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අනෙක් විදුලි ජනක යන්ත්‍ර 5 මාතර, කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවලට අලෙවි කර ඇති බවටයි.

සැකකරුවන් දෙදෙනා අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම අපරාධයට අදාළව පසුගිය 17 වනදා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

විදුලි ජනක යන්ත්‍ර සොරකම් කිරීම, සොර බඩු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි එම පුද්ගලයන්ට චෝදනා එල්ලවී තිබුණේ.

ගල්නෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.