31 C
Colombo
Saturday, November 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් මවක් සහ දැරියක් අතුරුදන්

තවත් මවක් සහ දැරියක් අතුරුදන්

මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට හඟුරන්කෙත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත හෝප් වතු යායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියක්.

ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

අතුරුදන් වූ කාන්තාව සහ කුඩා දියණිය අතුරුදන් වූ දිනයේ බස් රථයකින් රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

හඟුරන්කෙත පොලිසිය ඒ සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.