― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපන්දින සාදයක් පැවති නිවසකට ගිනි තබයි – තරුණියක් ජීවිතක්ෂයට,9ක් රෝහලේ

උපන්දින සාදයක් පැවති නිවසකට ගිනි තබයි – තරුණියක් ජීවිතක්ෂයට,9ක් රෝහලේ

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අද (23) අලුයම අදාළ නිවසට කඩා වැදුණු කණ්ඩායමක් නිවසේ පිරිසට තියුණු ආයුධවලින් පහරදී නිවැසියන් නිවස තුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තබා ඇති බවයි.

සිද්ධියෙන් 22 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ අවුරුදු 02ක කුඩා පිරිමි දරුවා ද තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, අවුරුදු 07 සහ 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙක් සහ වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබුණා.

පසුව වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, වවුනියාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපත්වා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කරමින් සිටි අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

මියගිය කාන්තාවගේ දරුවාගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.