― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

ආනයනය කරනු ලබන බිත්තර සතොස හරහා රුපියල් 35.00ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව ආනයනික බිත්තර ඉදිරි සතිය තුළ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ යටතේ දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා පසුගිය දා (21) පැවසුවා.

ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා ද ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.