― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළදරු කිරි බෝතල්වල පිළිකාකාරක අඩංගු බවට අනාවරණයක්

ළදරු කිරි බෝතල්වල පිළිකාකාරක අඩංගු බවට අනාවරණයක්

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂණය සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු තිබෙන බවත් මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුණද විද්‍යාගාර පරීක්‍ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබෙන බවද  එම සංවිධානය මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

බිස්ෆීනෝල් A (Bisphenol A- BPA) යනු පිළිකා,කාරකයක් බවත් මිට අමතරව ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා,පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇතිකරන රසායනිකයක් බවදඑම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකූලව හඳුනාගෙන තිබෙනබවත්, යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුණත් සමහර භාණ්ඩවල එම රසායනිකය අඩංගු බව තහවුරු වී තිබෙනබවත්, මේ නිසාදෙමවුපියන්තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබාදෙන්න පෙළඹුනත්,වෙළෙඳ සමාගම් ඔවුන්වනොමග යවන බවට පැහැදිලි වන බවත් එමගින් පෙන්වාදී ඇත.

මේ නිසා අන්තරායකරරසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති සේම ඒවා නිසි පරිදික්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්‍ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය  බවද එම සංවිධානය සඳහන් කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සකස්කර තිබෙන  IPEN ආයතනය විසින් මෙම  පරීක්‍ෂණය සිදුකරන ලදී.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව,මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාවසහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජිකකණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැදි ලබාගෙන මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් අඩංගුද යන්නපරීක්‍ෂා කළ බවදපරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

මෙම රසායනික පරීක්‍ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි පිහිටි, රසායන විද්‍යාව සහතාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේපිහිටා ඇති ශ්‍රීරාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කර තිබේ.