26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.

ඒ අනුව ලබන 28 සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අමාත්‍යවරයා මෙම සංචාරයේ යෙදෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති.

ජපාන රජයේ සම සභාපතීත්තයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යොෂිමාසා හයාෂීගේ එම සංචාරයේ අරමුණ වන අතර ශ්‍රී ලංකා – ජපාන ද්වීපාර්ශවික සහයෝගීතාව සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වෙයි.

2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.