ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට එහි විධායක නිලධාරී එලෝන් මස්ක් තීරණය කර තිබේ.
ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුර ලෙසයි මස්ක් දක්වා ඇත්තේ.
මේ වනතෙක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය නිල් පැහැති පක්ෂියෙක් වූ අතර මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.