මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව 2023 වසර ආරම්භයේ සිට අද (25) දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049ක් බවයි ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.